Search Songs By Name...

Back Image

සඳ මිදුලට එනවා... ( Sada Midulata Anawa... ) - Mervin Perera



සඳ මිදුලට එනවා
ඇගෙ වත සිහිවෙනවා
සඳ වතුරේ නලවා සතපා
ඇය රෑ එළියේ සැඟවී යනවා
ඇය රෑ එළියේ සැඟවී යනවා

ඈ ඉන්නේ සඳ රේණුවේ
මා ඉන්නෙ මගෙ ලෝකයේ
ඈ ඉන්නේ සඳ රේණුවේ
මා ඉන්නෙ මගෙ ලෝකයේ
ඈතට ඈ යාවි සීතෙට රෑ වේවි
මා මෙහි තබා පාළුවේ
මා මෙහි තබා පාළුවේ

සඳ මිදුලට එනවා
පායන්න යළි මේ ලෙසේ
සෑහෙන්න මතු ජීවිතේ
පායන්න යළි මේ ලෙසේ
සෑහෙන්න මතු ජීවිතේ
රෑ තරු පායාවී ඒ තරු දිලිසේවි
ඈ නෙත් සලා ආ ලෙසේ
ඈ නෙත් සලා ආ ලෙසේ
සඳ මිදුලට එනවා 

ගායනය - මර්වින් පෙරේරා
සංගීතය - මර්වින් පෙරේරා
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්


0 comments:

මෙහි ඇතුලත් සියළු ගිත වල හිමිකාරිත්වය අදාල මුල් රචකයා සතුවන අතර, මෙම ගීත ඉදිරිපත් කරනුයේ ඔබගේත්, මගේත් හුදු රසාස්වාදය උ‍දෙසාම පමණක් බව කරුණාවෙන් සලකන්න.. මේ බ්ලොග් එකේ ලියවෙන සිංදු කාට හරි අවශ්‍ය නම් .. කොපි කරගත්තාට මගේ කිසිම අමනාපයක් නෑ හොදද. මොකෝ අපි මේවා යනකොට ගෙනියනවයෑ ? කොපි කරගනිද්දී යුතුකමක් විදිහට මගේ බ්ලොග් එකේ ලිපිනයත් දානවානම් ඒක මට ලොකු උදවුවක් වේවි ..ලිපිනය දැම්මේ නැතෙයි කියලා මම සරම උස්සං වලියට එන්නෙත් නෑ හොදේ...! :D