Back Image

- Download කිරීම සදහා Email එක Type කර Submit Click කරන්න -

Rathriya Vee Nihandawa - රාත්‍රිය වී නිහඬව නිසලව - Deepika Priyadarshani


රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
බියද දැනේ දුකද දැනේ
රුදුරු උනේ ඇයි හිමි සඳුනේ
රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්

පතා පැමිණි සුර පුරවර
වෙලා ගැණුනි ඝණ කළුවර
දෑස පුරා දුටු සිනා කවට කෙළි
කඳුළු කතාවක කෙළවර
අසන් හිමියනේ
කාට කියන්නද මේ දුක
ඔබ හැර...

කළා සොලොස පිරි පුර හඳ
අතැර ගොසිනි සිය පිය බඳ
එදා ‍දෙඩූ මුදු වදන් අසන්නට
බලා හිඳී සිත පිළිසිඳ
අසන් හිමියනේ
කාට කියන්නද මේ දුක
ඔබ හැර...
පද රචනය - සුනිල් ආර් ගමගේ
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්